එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
හබක්කුක් 3:7 - Sinhala New Revised Version කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි. Sinhala New Revised Version 2018 කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි. Sinhala Revised Old Version කූෂාන්හි කූඩාරම් විපත්තියට යටවී තිබෙනවා දුටිමි. මිදියන් දේශයේ තිර වෙවුලුවේය. |
එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.
ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත
ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.
ශෙබා ද ශල්මුන්නා ද පලා ගියෝ ය. ඔහු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් මිදියන් රජ වන ශෙබා ද ශල්මුන්නා ද අල්ලාගත්තේ ය. ඔහු මුළු සේනාව ද භයගන්වා විසුරුවා හැරියේ ය.