Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:29 - Sinhala New Revised Version

29 ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔවුන්ගේ කූඩාරම් ද බැටළු පට්ටි ද කූඩාරම්වල තිර ද සියලු භාණ්ඩ ද සතු කරගන්න. ඔවුන්ගේ ඔටුවන් ද අයිති කරගන්න; එවිට, ‘අවට භීතියෙන් පිරී ඇතැ’යි සෙනඟ මොරගසනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:29
21 හුවමාරු යොමු  

ඔවුන් කැළඹී ආපසු හැරෙනු ඇත. එබන්දක් මට දකින්නට ලැබුණේ මන් ද? ඔවුන්ගේ බලවන්තයෝ පැරදී ආපසු නොබලා, හදිසියේ පලා ගියෝ ය. සතර දිගින් ම භීතිය ඇත. සමිඳාණෝ මෙසේ වදාරන සේක.


එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”


කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි.


මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.


මසිදෝනියාවට සැපත් වූ විට පවා අපට කිසි සැනසිල්ලක් නො වී ය. හැම අතින් ම අපට කරදර ඇති විය. අප අවට කලකෝලාහල ද, අප සිත තුළ බියසැක ද තිබිණි.


අපි හැම අතින් ම මඩිනු ලැබුවත් කොටු වී නොසිටිමු. වියවුල් වුවත් බලාපොරොත්තු රහිත නොවෙමු;


දමස්කයේ වැසියෝ බෙලහීන ව භීතියෙන් පලා යන්නට හැරී සිටිති. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක මෙන් ඔව්හු වේදනාවෙන් හා දුකෙන් මිරිකෙති.


අපේ කූඩාරම් නාස්ති විය: ඒවායේ ලණු සියල්ල ද කඩාදමනු ලැබී ය. අපේ දරුවන් අප අත්හැර, අප කෙරෙන් වෙන් වී ගොස් ඇත. දැන් අපේ කූඩාරම් දිගහැර තිර එල්ලන්න කිසිවෙක් නැත.”


විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.


කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.


මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.


බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; මා අවට භීතිය ඇත. මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය.


එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.


මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.


ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය.


ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.


නුඹලා වටකර සිටින සියල්ලන්ගෙන් නුඹලා පිට භීතියක් මම පමුණුවන්නෙමි. නුඹලා එකිනෙකා පන්නනු ලබන්නහු ය. පලා යන අය පිළිගැනීමට ද කිසිවෙක් නොවන්නෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්