ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.
හග්ගයි 2:22 - Sinhala New Revised Version රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’ Sinhala New Revised Version 2018 රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’ Sinhala Revised Old Version මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය. |
ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.
ඔවුන් ප්‍රීති ඝෝෂාව ද ප්‍රශංසාව ද පටන්ගත් වේලාවේ දී ජුදාහි ජනයාට විරුද්ධ ව අවුත් සිටි අම්මොන්වරුන්ට සහ මෝවබ්වරුන්ට ද සේයිර් කඳුකරයේ වැසියන්ට ද විරුද්ධ ව සැඟවී සිට පහර දෙන සේනාවක් සමිඳාණන් වහන්සේ සිටවූ සේක. ඔව්හු පැරදුණෝ ය.
මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.
එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.
බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි.
ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.
එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.
සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.
මම නගරය නටබුන් ගොඩක් කරන්නෙමි; එසේ ය, නටබුන් ගොඩක් කරන්නෙමි. නටබුන් ගොඩක් ම කරන්නෙමි. එහෙත්, නගරයට දඬුවම් කරන්න මා තෝරාගෙන තිබෙන තැනැත්තා එන තෙක් මෙය සිදු වන්නේ නැත. ඔහු පැමිණි විට එය ඔහුගේ විනිශ්චයට පාවා දෙන්නෙමි.’
එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය.
නොයෙක් ආපදාවන් ඇති කර මම ගොග් රජු භීතියට පත් කරන්නෙමි. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එක එක මිනිසාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව ලෙළ දෙනු ඇත.
මාගේ මේසය ළඟ තෙපි අශ්වයන්ගේ ද අසරුවන්ගේ ද බලවතුන්ගේ ද සියලු යුද්ධ භටයන්ගේ ද මාංස අනුභව කොට තෘප්තියට පැමිණෙන්නහු ය. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.
දුනුවායාට නොවැටී සිටින්න වත්, ශීඝ්‍රයෙන් දුවන්නන්ට ගැළවී යන්න වත්, අසරුවන්ට දිවි බේරාගන්න වත් නොහැකි වේ.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.
ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.
ඔබ බාහු බලයෙන් ඔබේ සතුරන් පරාජයට පත් කොට ප්‍රතිවාදීන් සියල්ලන් ම විනාශ කර දමන්නහු ය.
ජාතීන් එය දැක, ඔවුන් කොතෙක් බලවත් ව සිටියත්, ලජ්ජාවට පත් වනු ඇත. අතින් කට වසාගනු ඇත; එයින් කන් බිහිරි වනු ඇත.
“එබැවින් ජාතීන්ට විරුද්ධ ව මා නැඟී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන් ද රට රාජ්‍යයන් ද එක්රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද, මාගේ කෝපාග්නියෙන් මුළු පොළොව දැවී යන්නේ ය.
ඔවුන් විපත්තිය නමැති මුහුද මැදින් යන විට, මම මුහුදේ තරංගවලට පහර දෙන්නෙමි. එවිට නයිල් ගංගාවේ පත්ල වියළී යන්නේ ය. අසිරියාවේ අහංකාරය පහත් කරනු ලබන්නේ ය; මිසරයේ ජයකොන්තය නැති වී යන්නේ ය;
වීථිවල ඇති මඩෙහි සතුරන් පාගා දමන බලවත් හේවායන් මෙන් ජුදාහි සෙනඟ ජයග්‍රාහකයෝ වන්නෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටින නිසා ඔව්හු සටන් කොට සතුරු අශ්වාරෝහකයන් වුව ද පරාජය කරන්නෝ ය.
සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.
එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.
මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේ ය.
ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.
සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.
ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝ ය. එවිට සමිඳාණන් වහන්සේ කඳවුරේ සිටි අය එකිනෙකා තම තමාගේ කඩුවෙන් අනෙකාට පහර දෙන්නට සැලැස්සූ සේක. සේනාව ද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වා ද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වා ද පලා ගියෝ ය.
බෙන්ජමින්ගේ දේශයෙහි ගිබියාහි සිටි සාවුල්ගේ රැකවල්ලු පිලිස්තිවරුන් වියවුල් වී ඔබමොබ විසිර යනු දුටුවෝ ය.