මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
සෙකරියා 9:13 - Sinhala New Revised Version මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රිසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි. Sinhala New Revised Version 2018 මම ජුදා රට දුන්නක් මෙන් ද එප්‍රායිම් ඊතල මෙන් ද සූදානම් කරගෙන සිටිමි. ග්‍රීසියේ ජනයාට විරුද්ධ ව සටන් කරන පිණිස මම සියොන්හි ජනයා රණශූරයකුගේ කඩුවක් මෙන් යොදාගන්නෙමි. Sinhala Revised Old Version මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි. |
මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
ප්‍රතාපවත් නිරිඳුනි, ඔබේ මඟුල් කඩුව ඉඟටියෙහි බැඳගන්න; ඔබ වික්‍රමාන්විත ය; තේජාන්විත ය.
එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි.
අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!
නුඹේ පුත්‍රයන්ගෙන් සමහරුන් දිවැසිවරයන් වශයෙන් ද නුඹේ තරුණයන්ගෙන් සමහරුන් නාසරීයයන් වශයෙන් ද මම තෝරා ගතිමි. ඉශ්රායෙල් ජනයෙනි, මා කියන මේ දේ සැබෑ නොවේ ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.
ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”
“මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක.
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”
ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.
සෙසු අය අශ්වාරෝහක තැනැන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරනු ලැබූ හ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස ගිජු ලෙස ගිලදැමූ හ.
“පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙමුවහත් තියුණු කඩුව දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.