ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 7:13 - Sinhala New Revised Version

‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,

පරිච්ඡේදය බලන්න



සෙකරියා 7:13
23 හුවමාරු යොමු  

දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.


දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.


මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.


ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.


මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.


එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.


ඒ නිසා ජෙරමියා, නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න; ඔවුන් වෙනුවෙන් කන්නලව් ද යැදුම් ද ඔප්පු නොකරන්න. ඔවුන් විපත්ති කාලයේ දී මට යාච්ඤා කරන විට මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.


ඒ වෙනුවට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මම ඔවුන් විනාශ කරන්නෙමි.”


“ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.


‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය.


අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.


“මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද?


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන්ට කතා කොට ඔවුන්ට මෙසේ කියන්න: ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. නුඹලා පැමිණියේ, මාගේ කැමැත්ත ගැන මාගෙන් විමසන්න ද? මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි: මාගෙන් කිසිවක් ප්‍රශ්න කරන්න නුඹලාට ඉඩ නොදෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එබැවින් මමත් කෝපයෙන් ක්‍රියා කරන්නෙමි. මම දයාව නොදක්වන්නෙමි. මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහ හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි”යි වදාළ සේක.


එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසන්නෝ ය. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට පිළිතුරු නොදෙන සේක. බොහෝ නපුරු ක්‍රියා කර තිබෙන බැවින් උන් වහන්සේ ඒ කාලයේ දී ඔවුන් දෙස නොබලන සේක.


ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත.


ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය.