ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සෙකරියා 6:15 - Sinhala New Revised Version

දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දුර බැහැර අය පැමිණ සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමට උදව් වන්නෝ ය. එවිට සියලු බලැති සමිඳාණන් වහන්සේ මා නුඹලා වෙත එවූ බව නුඹලා දැනගන්නහු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට නුඹලා මුළුමනින් කීකරු වන්නහු නම් මෙසේ සිදු වනු ඇත.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද දුර සිටින්නෝ ඇවිත් ස්වාමීන්වහන්සේගේ මාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.

පරිච්ඡේදය බලන්න



සෙකරියා 6:15
20 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ ය; ඔව්හු තමන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නෝ ය.


මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.”


ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.


සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.


එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය.


සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි.


‘සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි ඔහුට කියන්න. ‘පැළෑටිය’ කියා නම් කරන ලද තැනැත්තා මොහු ය. ඔහු මේ ස්ථානයේ වර්ධනය වී සමිඳාණන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නේ ය.


මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය.


දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත.


එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි.