Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 6:14 - Sinhala New Revised Version

14 ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙපනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 6:14
14 හුවමාරු යොමු  

සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක.


සැබැවින් ම මම ඔබට කියමි, ලොව පුරා මේ සුබ අස්න ප්‍රකාශ කරන හැම තැනක දී ම මේ ස්ත්‍රිය කළ මේ ක්‍රියාව ඇය සැමරීම පිණිස කියනු ලබන්නේ ය.”


මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”


දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත.


“විප්‍රවාසයට ගෙනගිය, බබිලෝනියේ සිට පැමිණි හෙල්දයිගෙන් ද ටෝබියාගෙන් ද ජෙදායාගෙන් ද නුඹ රන් රිදී ලබාගෙන, එම දවසේ දී ම ශෙපනියාගේ පුත් ජොෂියාගේ ගෙදරට යන්න.


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.


මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.


එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.


ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.


ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.


රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


ඔවුන්ගෙන් නුඹ ලබාගත් රන් රිදීවලින් ඔටුන්නක් සාදා, ජෙහෝශාදාක්ගේ පුත්, උත්තම පූජකයා වන ජෝෂුවාගේ හිසේ පළඳවා


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්