ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ශෙපනියා 2:10 - Sinhala New Revised Version

ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේක ඔවුන්ට පැමිණෙන්නේ ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනඟට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය.

පරිච්ඡේදය බලන්න



ශෙපනියා 2:10
18 හුවමාරු යොමු  

ඔවුන්ට තාඩන පීඩන කරන්න කිසි ම මිනිසෙකුට එතුමාණෝ ඉඩ නුදුන් සේක. එසේ ය, එතුමාණෝ ඔවුන් නිසා රජුන්ට තරවටු කොට,


මෝසෙස් හා ආරොන් පාරාවෝ වෙත පැමිණ ඔහුට කතා කොට, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය; එනම්, ‘ඔබ කොපමණ කාලයක් මට යටත්වීම ප්‍රතික්ෂේප කරන්නෙහි ද? මා හට වැඳුම්පිදුම් කරනු පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න.


එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය.


ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි.


“මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?


මෝවබ් ඉතා අහංකාරී ය. එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.


ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය. ඇගේ වැටීම භයංකර ය. ඈට සැනසිලිකාරයෙක් නැත. සමිඳුනි, මාගේ දුක බැලුව මැනව. මන්ද, සතුරා ජය ගෙන ඇත.


“ ‘මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ අත්පොළසන් දී, ප්‍රීතියෙන් නටමින් නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව සිතෙන් ප්‍රීති වූ බැවින්,


දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරො‍න්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.


නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය.


ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.


තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.