Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 පේත්‍රැස් 5:5 - Sinhala New Revised Version

5 තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එසේම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක්ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහත් අයට අනුග්‍රහය දෙන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 පේත්‍රැස් 5:5
27 හුවමාරු යොමු  

එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.


නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.


ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.


සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.


පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.


එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න.


මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.


ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න.


ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.


“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.


ක්‍රිස්තුන් වහන්සේ ශාරීරික වශයෙන් දුක් වින්ද බැවින්, ඔබත් එවැනි අධිෂ්ඨානයකින් සැරසී සිටින්න. මන්ද, ඒ අන්දමින් ශාරීරික ලෙස දුක් වින්ද තැනැත්තේ පාපයෙන් නිදහස් වී සිටියි.


ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා! ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!


මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.


එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළ‍න සේක. යටහත් සිත් ඇති අය රැකගන්න සේක.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!


එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි. එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය.


සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.


එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය.


එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා;


වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද,


අවසාන කොට ඔබ සියල්ලෝ ම එක්සිත් ව ද සානුකම්පික ව ද සහෝදර ස්නේහය ඇති ව ද සිටින්න. දයාව ද යටහත්කම ද ඇති ව සිට,


රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා “ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?


මේ ජයග්‍රහණයෙන් රජ උද්දාම වී, සතුරු සේනාවල දසදහස් දෙනා මරාදමන්නේ ය. එහෙත්, ඔහුගේ ජයග්‍රහණය වැඩි කල් පවත්වාගැනීමට ඔහුට නොහැකි වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්