ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
ලූක් 6:15 - Sinhala New Revised Version මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද සිංහල කාලීන පරිවර්තනය මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්, Sinhala New Revised Version 2018 මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද Sinhala Revised Old Version මතෙව් සහ තෝමස්ද, අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ ජ්වලිතයාය කියනලද සීමොන්ද, |
ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද
ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක.
ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද
‘නිවුන්නා’ යයි නම් ලත් තෝමස් අනෙක් ශ්‍රාවකයන් අමතා, “උන් වහන්සේ සමඟ නසින පිණිස අපිත් යමු”යි කී හ.
ජේසුස් වහන්සේ වැඩිය කල, දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ‘නිවුන් දරුවා’ යයි නම් ලත් තෝමස් ඔවුන් සමඟ නොසිටියේ ය.
ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය.
මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.