Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:15 - Sinhala Revised Old Version

15 මතෙව් සහ තෝමස්ද, අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ ජ්වලිතයාය කියනලද සීමොන්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 මතෙව්, තෝමස්, අල්පෙවුස්ගේ පුත්‍ර යාකොබ්, ජ්වලිතයා යයි නම් ලත් සීමොන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:15
14 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.


ඔව්හු ඇවිත් තමුන් නැවතී සිටි උඩුමහලට නැගුණෝය. ඔව්හු නම්: පේතෘස්ද යොහන්ද යාකොබ්ද අන්දෘද පිලිප් සහ තෝමස්ද බර්තොලොමෙව් සහ මතෙව්ද අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද ජ්වලිතයාවූ සීමොන්ද යාකොබ්ගේ පුත්‍රවූ යූදස්ද යනුය.


අන්දෘ සහ පිලිප්ද, බර්තොලොමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද, තද්දියුස් සහ කානානියවූ සීමොන්ද,


දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්‍ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්:


එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.


නුමුත් ස්වාමීන්වහන්සේගේ සහෝදරයා වන යාකොබ් හැර අනික් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටිමි.


ඔවුන් නිශ්ශබ්දවූ ඉක්බිති යාකොබ් උත්තරදෙමින් කියනුයේ:


යේසුස්වහන්සේ ආ කල, දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්වූ දිදිමුස් නම් තෝමස් ඔවුන් සමඟ නොසිටියේය.


එහෙයින් දිදිමුස් නම්වූ තෝමස්: අපිත් මුන්වහන්සේ සමඟ නසින පිණිස යමුයයි සහකාර ගෝලයන්ට කීවේය.


මින්පසු උන්වහන්සේ පිටත්ව ගොස් ලෙවී නම් සුංගම් අයකරන්නෙක් සුංගම් පළේ ඉඳගන ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.


උන්වහන්සේ මග යන අතර, අල්පෙවුස්ගේ පුත්‍රවූ ලෙවී සුංගම්පළේ වාඩිවී ඉඳිනු දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.


ඔව්හු කවුරුදයත්–උන්වහන්සේ විසින් පේතෘස්ය කියා නම්කළ සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘද, යාකොබ් සහ යොහන්ද, පිලිප් සහ බර්තොලොමෙව්ද,


යාකොබ්ගේ පුත්‍රවූ යූදස් සහ ද්‍රෝහියාවු යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්