මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
ලූක් 2:35 - Sinhala New Revised Version එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය බොහෝ දෙනකුගේ යටි සිතිවිලි හෙළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය. Sinhala New Revised Version 2018 එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය. Sinhala Revised Old Version එසේය, නුඹේම ආත්මයට කඩුවකින් අනිනු ලැබේ; මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්හි කල්පනා එළිදරව්වන පිණිසයයි කීවේය. |
මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී.
තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ
ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය.
තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.
මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.