ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.
ලූක් 17:5 - Sinhala New Revised Version එවිට ප්‍රේරිතයෝ කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. සිංහල කාලීන පරිවර්තනය අපෝස්තුලුවරු ස්වාමින්වහන්සේට කතා කොට, “අපගේ ඇදහිල්ල වැඩි කරන්නැ” යි කීහ. Sinhala New Revised Version 2018 එවිට අපෝස්තුළුවරු කතා කොට, “අපේ ඇදහිල්ල වැඩි කළ මැනවැ”යි සමිඳාණන් වහන්සේට කී හ. Sinhala Revised Old Version එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය. |
ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ.
එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
“වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ”යි අසනු පිණිස සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් යැවී ය.
සහෝදරවරුනි, ඔබ ගැන අප නිතර ම දෙවියන් වහන්සේට ස්තුති පිදිය යුතු යයි අපට තදින් හැඟේ. මන්ද, ඔබගේ ඇදහිල්ල පුදුමාකාරයෙන් වර්ධනය වන නිසාත්, ඔබ හැමගේ අන්‍යොන්‍ය ප්‍රේමය අධික වී තිබෙන නිසාත්, එසේ කිරීම යුතු ය.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.