ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව! දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
ලූක් 10:20 - Sinhala New Revised Version එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version එසේවුවත් ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්නැයි කීසේක. |
ජීවතුන්ගේ පොතෙන් ඔවුන්ගේ නාම මකාදැමුව මැනව! දැහැමියන්ගේ නාම අතරෙන් ඔවුන්ගේ නාම කපාදැමුව මැනව!
දැන් ඉතින් ඔවුන්ගේ පාපයට කමාව දුන මැනව; එසේ නොදෙන සේක් නම්, කරුණාකර ඔබ වහන්සේ පොතෙන් මාගේ නාමය මකාදමනු මැනව”යි ඉල්ලී ය.
ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.
මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.
ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.
මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.
එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.
සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;
මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.
ඔබ දුටු මෘගයා වරක් ජීවත් ව සිටියේ ය. දැන් නැත. ඌ පාතාලයෙන් නැඟී එන්නට ද විනාශයට යන්නට ද සිටින්නේ ය. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නෝ, මෘගයා සිටි හැටිත්, දැන් නැති හැටිත්, මතු එන හැටිත් දැක පුදුම වන්නෝ ය.
මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.
අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝ ය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි.
ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.