ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 9:24 - Sinhala New Revised Version

ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් අන්ධව සිටි මිනිසා දෙවන වතාවට ද කැඳවූ ඔවුහු, “දෙවියන්වහන්සේට මහිමය දෙන්න; මේ මිනිසා පව්කරුවකු වග අප දන්නවා” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔව්හු අන්ධව සිටි මනුෂ්‍යයා දෙවෙනි වර කැඳවා: දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. මේ මනුෂ්‍යයා පව්කාරයෙක් බව අපි දනිමුයයි ඔහුට කීවෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 9:24
22 හුවමාරු යොමු  

එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය.


සමිඳුන්ගේ වචනයට කීකරු වන අය එතුමන් කියන දේට සවන් දෙන්න: “මා නිසා සමහර අය නුඹලාට වෛර කොට, නුඹලා කොන් කර ඇත. ‘සමිඳු සිය මහිමය ප්‍රකාශ කළා වේ. එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දැක හැකි ය’යි ඔව්හු කියති. එහෙත්, ලජ්ජාවට පමුණුවනු ලබන්නෝ ඔව්හු ම ය.


තවද, ඔව්හු සොරුන් දෙදෙනෙකු එක් කෙනෙකු දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගැසූ හ.


පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.


ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය.


උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.


තවදුරටත් ඔබ සමඟ කතා කිරීමට නුපුළුවන. ලෝකයේ අධිපතියා එන්නේ ය. මා කෙරෙහි කිසි බලපුළුවන්කාරකමක් ඔහුට නැත.


ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.


ඔව්හු පිළිතුරු දෙමින්, “මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ.


එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, “කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, “ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය.


එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.


පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද?


උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, “මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය.


එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.


එවිට ඔහු පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා පව්කාරයෙක් ද නැද්දැ යි මම නොදනිමි; එහෙත් එක දෙයක් මම දනිමි; මම අන්ධ ව සිටියෙමි, දැන් මට පෙනේ” යයි කී ය.


මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.


දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.


ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.