එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?
යොහන් 4:19 - Sinhala New Revised Version ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. සිංහල කාලීන පරිවර්තනය එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ; Sinhala New Revised Version 2018 ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ. Sinhala Revised Old Version ස්ත්‍රී උන්වහන්සේට කියන්නී: ස්වාමිනි, ඔබ අනාගතවක්තෘ කෙනෙකු බව මට පෙනේ. |
එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?
ඔහුගේ සේවකයන්ගෙන් එක් කෙනෙක් කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, එසේ නොවේ. ඔබේ යහන් ගබඩාවේ දී ඔබ කියන වචන ඉශ්රායෙල්හි දිවැසිවරයා වන එලිෂා, ඉශ්රායෙල් රජුට දන්වන්නේ ය”යි කීවේ ය.
“කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක.
එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
උන් වහන්සේට ආරාධනා කළ පරිසිවරයා ඒ දැක: “මොහු දිවැසිවරයෙක් නම් තමාගේ ඇඟට අත තබන මේ පව්කාර ස්ත්‍රිය කවර තැනැත්තියක් ද කෙබඳු අඟනක් ද කියා දැනගනු ඇතැ”යි සිය සිතින් සිතුවේ ය.
මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.
“එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.
සමූහයා මේ හාස්කම දුටු කල “සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය”යි කී හ.
එබැවින් ඔව්හු නැවතත් අන්ධයාට කතා කොට, “නුඹේ ඇස් පෑදුවේ ඒ මිනිසා නම්, ඔහු ගැන නුඹේ අදහස කුමක් දැ”යි ඇසූ හ. “ඔහු නම් දිවැසිචරයෙකැ”යි හෙතෙම පිළිතුරු දුන්නේ ය.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් ද ඔබේ සහෝදර ජනතාව අතරෙන් ද මා හා සමාන දිවැසිවරයෙකු පත් කරන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.