ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 19:21 - Sinhala New Revised Version

එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එබැවින් යුදෙව්වන්ගේ නායක පූජකයෝ පිලාත් අමතා, “යුදෙව්වන්ගේ රජු ය යනුවෙන් නො ලියා, ‘යුදෙව් රජ මම ය කියා මේ මිනිසා කියා ගත්තේ ය’ යනුවෙන් ලියන්නැ” යි ඉල්ලූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කථාකොට: යුදෙව්වරුන්ගේ රජය කියා නොලියා, මම යුදෙව්වරුන්ගේ රජයයි ඔහු කීවේය කියා ලිව මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 19:21
2 හුවමාරු යොමු  

ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානම් වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු, “මෙන්න ඔබේ රජ ය”යි ජුදෙව්වරුන්ට කී ය.


තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි.