මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.
යොහන් 19:18 - Sinhala New Revised Version එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ. සිංහල කාලීන පරිවර්තනය එහිදී ඔවුහු උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. උන්වහන්සේ මැදිව සිටින සේ තවත් දෙදෙනකු යේසුස්වහන්සේ දෙපසින් ඇණ ගැසුම් ලදහ. Sinhala New Revised Version 2018 එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ. Sinhala Revised Old Version එහිදී ඔව්හු උන්වහන්සේව කුරුසියෙහි ඇණගැසුවෝය; මැද්දේ උන්වහන්සේද උන්වහන්සේ සමඟ දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද කුරුසිවල ඇණගැසුවෝය. |
මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.
එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි. එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ. මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.
මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.
එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.
එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය.
“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.
ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.