Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 18:32 - Sinhala New Revised Version

32 මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

32 මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින්දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 මෙසේ වුණේ, තමන්වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්ද කියා හඟවාදෙමින් යේසුස්වහන්සේ කී වචනය සම්පූර්ණවන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 18:32
17 හුවමාරු යොමු  

පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද,


“තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.


කවටකම් කිරීම ද තැලීම ද කුරුසියෙහි ඇණ ගැසීම ද සඳහා විජාතීන්ට පාවා දෙති. එහෙත්, තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක.


එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත.


“බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය.


මුළු රැය ම ඔහුගේ මළකඳ ගසේ තිබෙන්නට නෑර, කෙසේ නමුත් එදින ම එය භූමදාන කළ යුතු ය. එල්ලා මරන ලද තැනැත්තා, දේව සාපයට පාත්‍ර වූ කෙනෙකි. මෙසේ කිරීමෙන් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන දේශය දූෂ්‍ය නොවන්නේ ය.


මන්ද, නපුරු මිනිස්සු බලු රැළක් මෙන් මා වටකර ගත්තෝ ය. මැරවරයෝ රැළක් මා වටලා ගත්තෝ ය. ඔව්හු මාගේ දෑත් දෙපා සිදුරු කළෝ ය.


“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.


“ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.


ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.


උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ.


මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය.


පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ.


ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැ යි හඟවනු වස් උන් වහන්සේ මෙසේ වදාළ සේක. ඉක්බිති “මා අනුව එන්නැ”යි නැවතත් ඔහුට කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්