ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.
යොහන් 12:38 - Sinhala New Revised Version එසේ සිදුවූයේ: “සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?” යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය. සිංහල කාලීන පරිවර්තනය එසේ වූයේ, දිවැසිවර යෙසායා අනාවැකියෙන් පැවසූ, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ බාහුව හෙළි කරන ලද්දේ කවරකුට ද?” යන වචනය ඉටු වන පිණිස ය. Sinhala New Revised Version 2018 එසේ සිදුවූයේ: “සමිඳාණෙනි, අපේ පුවත විශ්වාස කෙළේ කවරෙක් ද? සමිඳාණන්ගේ බලය කවරෙකුට ප්‍රකාශ කරන ලද්දේ ද?” යනුවෙන්, යෙසායා දිවැසිවරයා කී වචන ඉටු වන පිණිස ය. Sinhala Revised Old Version මෙසේ සිද්ධවුණේ, ස්වාමීන්වහන්ස, අපේ ප්‍රවෘත්තිය විශ්වාසකළේ කවුද? ස්වාමීන්වහන්සේගේ බාහුව කාට ප්‍රකාශකරනලද්දේදැයි අනාගතවක්තෘවූ යෙසායා කී වචනය සම්පූර්ණ වන පිණිසය. |
ඒ නිසා හෙසකියා රජ ද ආමොස්ගේ පුත් දිවැසිවරයා වන යෙසායා ද යාච්ඤා කොට ස්වර්ගයට මොරගැසූ හ.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය.
උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත.
මෙසේ සිදු වන්නේ, ‘ඔව්හු හේතුවක් නැති ව මට ද්වේෂ කළහ’යි ඔවුන්ගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති වචනය ඉෂ්ට වන පිණිස ය.
මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ.
එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.
තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.
එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.
විජාතීන් අතර ස්වකීය පුත්‍රයාණන් ප්‍රකාශ කරන පිණිස ඒ පුත්‍රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්,