සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
මාක් 7:7 - Sinhala New Revised Version මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’ සිංහල කාලීන පරිවර්තනය මිනිසුන්ගේ ආඥා, ධර්මය ලෙස උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිකරුණේ ය.’ Sinhala New Revised Version 2018 මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.’ Sinhala Revised Old Version මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, නිරර්ථකයේ මට නමස්කාරකරතියි ලියා තිබෙන ලෙස වංචාකාරවූ නුඹලා ගැන යෙසායා මනාලෙස අනාගතවාක්‍යයෙන් කීයේය. |
සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
“තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.
ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය.
එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.
“මා අණ කරන සෑම දෙයක් ම ඔබ ආරක්ෂා කොට පිළිපදින්න. ඒවාට අමතර ව යමක් එකතු නොකළ යුතු ය. ඒවායින් යමක් අඩු නොකළ යුතු ය.
එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.
යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.
මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක.
බොරු දෙවිවරුන් අනුව නොයන්න. ඔවුන් බොරු දෙවිවරුන් වන බැවින්, ඔබට පිහිටවන්නට වත්, ඔබ ගළවන්නට වත් ඔවුන්ට නොහැකි ය.