ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 6:39 - Sinhala New Revised Version

උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එවිට උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් තණ නිල්ල මත හිඳ වූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ ඔවුන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තණ බිම පිට හිඳුවන්න ශ්‍රාවකයන්ට අණ කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 6:39
9 හුවමාරු යොමු  

ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය.


උන් වහන්සේ සමූහයාට බිම ඉඳගන්න අණ දී,


“ඔබ ළඟ රොටි කීයක් තිබේ ද කියා ගොස් බලන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු සොයා බලා අවුත්, “රොටි පහක් හා මසුන් දෙදෙනෙකැ”යි කී හ.


ඔව්හු සියය සියය හා පණස පණස බැගින්, පේළි වශයෙන් හිඳගත්හ.


එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, “ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.


“මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ.


මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්


සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.