ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 15:21 - Sinhala New Revised Version

අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ඇලෙක්සන්ඩර්ගේ හා රූපස්ගේ පියා වූ, ගම්බද සිට නගරයට එමින් සිටි මගියකු වූ සිරේනියායනු සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු බල කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අලෙක්සන්දර්ගේ ද රූපස්ගේ ද පිය වූ පිටිසරින් ආ සිරේනියේ සීමොන් නම් මඟියෙකුට උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු බල කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු අලෙක්සන්දර්ගෙත් රූපස්ගෙත් පියවූ, පිටිසරින් ඇවිත් ඒ මග ගියාවූ කිරේනියේ සීමොන් නම් කෙනෙකුට උන්වහන්සේගේ කුරුසිය උසුලාගන යන පිණිස ඔවුන් සමඟ යන්ට බලකළෝය.

පරිච්ඡේදය බලන්න



මාක් 15:21
12 හුවමාරු යොමු  

ඔවුන් නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බ වී, උන් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්න ඔව්හු ඔහුට බල කළහ.


හේවා නිලධාරියෙකු තම බඩු පොදිය එක කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත්, ඔහු සමඟ එය කිලෝමීටර් දෙකක් උසුලාගෙන යන්න.


උන් වහන්සේට ගැරහුම් කළ පසු ඔව්හු නීල-රක්ත වස්ත්‍රය ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අන්දවා, කුරුසියෙහි ඇණ ගසනු පිණිස ගෙන ගියහ.


කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.


ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ.


උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක.


එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.


අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.


පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද


එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ.


සමිඳාණන් වහන්සේගේ විශිෂ්ටතම කිතුනුවෙකු වූ රූපස්ට ද මටත් මවක වැනි වූ ඔහුගේ මවට ද මාගේ ආචාරය පිරිනමන්න.