එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.
මාක් 12:40 - Sinhala New Revised Version වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 වැන්දඹුවන්ගේ ගේදොර කාදමති; පෙනුමට දිගින් දිගට යාච්ඤා කරති; මොවුහු වඩාත් බරපතල දඬුවමක් ලබති”යි වදාළ සේක. Sinhala Revised Old Version වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකන්නාවුද, වංචාවට දීර්ඝ යාච්ඤාකරන්නාවුද ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න; ඔව්හු වඩා බරපතළ දඬුවමක් ලබන්නෝයයි කීසේක. |
එහි වෙසෙන ප්‍රධානීහු වූකලී, ගොදුරු කොටගත් සතුන් ඉරමින් ගොරවන සිංහයන් වැනි ය. ඔව්හු මිනිසුන් කාදමා ඔවුන්ගේ වස්තු ද මැණික් ද පැහැරගෙන ඒ තුළ වැන්දඹුවන්ගේ ගණන වැඩි කර ඇත.
ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.
විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත.
“තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.
වැන්දඹුවන්ගේ ගේදොර කාදමමින්, පෙනුමට දිගින් දිගට යාච්ඤා පුද කරන, විනයධරයන්ගෙන් පරෙස්සම්වන්න. ඔව්හු වඩාත් බරපතල දඬුවමකට පත් කරනු ලබන්නෝ ය”යි වදාළ සේක.
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.