ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 10:23 - Sinhala New Revised Version

එවිට ජේසුස් වහන්සේ අවට බලා, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ අවට සිසාරා බලා, තම ගෝලයින් අමතමින්, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු දැ!” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ජේසුස් වහන්සේ අවට බලා, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට යේසුස්වහන්සේ අවට බලා: ධනවන්තයන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වීම කොපමණ අමාරුදැයි ගෝලයන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 10:23
13 හුවමාරු යොමු  

මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.


“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.


සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක.


එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.


උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා “ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය.


ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක.


ජේසුස් වහන්සේ ඒ දැක, “ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කර ද!


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය.


සහෝදරයෙනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නො වූ හ. එලෙස ම, බලවත් අයත්, කුලවත් අයත් වැඩි දෙනෙක් නො වූ හ.


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


මෙසේ අපගේ ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ අයිතිය සම්පූර්ණයෙන් ම ඔබට සහතික කරනු ලැබේ.