ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 9:36 - Sinhala New Revised Version

ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ ජන සමූහයා දැක ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් සේ අතවරවලට ලක්ව, අසරණව සිටි බැවින්, ඔවුන්ට දයානුකම්පා කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ ජනකාය දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.

පරිච්ඡේදය බලන්න



මතෙව් 9:36
18 හුවමාරු යොමු  

එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ “යි කීවේ ය.


එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල ඉඳිනු දිටිමි. එවිට සමිඳාණන් වහන්සේ ‘මොවුන්ට ස්වාමියෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යේවා’යි වදාළ සේකැ”යි කීවේ ය.


එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.


“මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.


පිළිම අයැදීමෙන් මිනිසුන්ට නිසරු බොරු පිළිතුරු ලැබෙන නිසා ද පේන කියන්නන් මිනිසුන් නොමඟ යවන නිසා ද ස්වප්න දකින්නන් හිස් සැනසිල්ලක් ගෙන දෙන නිසා ද සෙනඟ බැටළුවන් මෙන් ඉබාගාතේ ඇවිදිති. එඬේරෙකු නැති නිසා ම ඔව්හු දුකට පත් වී සිටිති.


මම මේ දේශයට මෙවැනි එඬේරෙකු එවන්නෙමි. ඔහු විනාශයට ගොදුරු වූවන් ගැන සලකන්නේ වත්, නැති වූවන් සොයන්නේ වත්, තුවාළ වූවන් සුව කරන්නේ වත්, නොමැරී ඉතිරි වූවන්ට කෑම දෙන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු ඉතා තර බැටළුවාගේ මස් කා උගේ කුර පවා උදුරා දමන්නේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.


ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න.


උන් වහන්සේ ගොඩ බැස, විශාල ජනකායක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ගේ රෝගීන් සුවපත් කළ සේක.


උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.


ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය; ඔව්හු දැන් තුන් දවසක් ම මා සමඟ ය; ඔවුන්ට කෑමක් නැත; ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි; එසේ යැව්වොත්, මඟ දී ඔවුන් ක්ලාන්ත විය හැකි යැ”යි වදාළ සේක.


උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.


“මේ සමූහයා ගැන මට ඉතා කණගාටු ය. ඔව්හු දැනට තුන් දිනක් මා සමඟ සිටිති. කෑමට කිසිවක් ඔවුන්ට නැත.


මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.


ඔහුත් දුර්වලකම්වලට භාජන වී සිටින බැවින් අනුවණයන් ද මුළාවෙන්නන් ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන.