එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත.
මතෙව් 13:13 - Sinhala New Revised Version එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි. සිංහල කාලීන පරිවර්තනය මා ඔවුනට උපමාවලින් කතා කරන්නේ එබැවිනි. මන්ද: “පෙනි-පෙනීත් ඔවුන් දකින්නේ නැත; ඇසි-ඇසීත් ඔවුන් අසන්නේ නැත; ඔවුන් වටහා ගන්නේ ද නැත. Sinhala New Revised Version 2018 එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි. Sinhala Revised Old Version එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි. |
එවැනි අයට ඔවුන් කරන අමන ක්‍රියාව දැනගන්නට තරම් සිහි කල්පනාවක් නැත. සැබෑ දේ කුමක් දැ යි දැනගැනීමට වත්, තේරුම්ගැනීමට වත් නොහැකි වන පරිදි ඔවුන්ගේ ඇස් ද සිත් ද වැසී ඇත.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.
එහෙත්, මම කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, එසේ කරන්න මට නොසැලැස්සුව මැනව; මා ප්‍රහේලිකා මඟින් කතා කරති යි සියලු දෙනා දැනට ම පැමිණිලි කරති”යි කීවෙමි.
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි: “දෙවියන් වහන්සේ අද දක්වා ම ඔවුන්ට උදාසීනකමක් ද, පෙනීමක් නැති ඇස් ද ඇසීමක් නැති කන් ද දුන් සේක.