මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
මතෙව් 1:19 - Sinhala New Revised Version ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. සිංහල කාලීන පරිවර්තනය ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමතිව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය. Sinhala New Revised Version 2018 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. Sinhala Revised Old Version ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය. |
මාස තුනක් පමණ ගත වූ පසු, “ඔබේ ලේලිය වන තාමාර් වේශ්‍යාකම් කළා ය” කියා ද, “ඇරත් වේශ්‍යාකමින් ඈ පිළිසිඳගෙන සිටින්නී ය” කියා ද ජුදාට දන්වන ලදින්, ඔහු ද, “ඈ පිටත ගෙනවුත් පුළුස්සා දමන්නැ”යි කීවේ ය.
නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.
“යමෙකු තම වහල් දාසිය යම් කෙනෙකුට අනියම් බිරිඳ වශයෙන් විකුණන්නට පොරොන්දු වූ නමුත්, මේ තැනැත්තා ඈ සඳහා වන්දි මුදල නොගෙවා ද, ඈ නිදහස නොලබා ද සිටිය දී ඇගේ හිමියා ඈ සමඟ සයනය කළහොත්, දෙදෙනා ම මරණයට පත් නොකළ යුතු ය. එහෙත්, ඈ තවමත් ඔහුට අයිති බැවින් දෙදෙනාට ම දඬුවම් කළ යුතු ය.
මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ.
පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක,
මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි.