එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
විලාප ගී 3:14 - Sinhala New Revised Version මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. Sinhala New Revised Version 2018 මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. Sinhala Revised Old Version මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි. |
එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත.
අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු.
අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.
මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.