දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.
විනිශ්චයකාරයෝ 9:6 - Sinhala New Revised Version ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය. Sinhala Revised Old Version ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය. |
දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.
රෙහොබෝවම් ෂෙකෙම් නම් ස්ථානයට ගියේ ය. මන්ද, ඔහු රජ කොට පත් කරන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ෂෙකෙම්ට පැමිණි බැවිනි.
ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.
ජෙරොබෝවම් එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනඟා එහි වාසය කෙළේ ය. ඔහු එතැනින් ගොස් පෙනුයෙල් නගරය ශක්තිමත් කෙළේ ය.
ඔහුගේ සේවකයෝ නැඟිට කුමන්ත්‍රණය කොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි නිවාසයේ දී ජෙහෝවාෂ් මරාදැමූ හ.
ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා,
ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් වන තමාගේ ම සහෝදරයන් සැත්තෑදෙනා එක ගලක් මත මැරුවේ ය. එහෙත්, ජෙරුබ්බාල්ගේ බාල ම පුත්‍රයා වන ජෝතාම් සැඟ වී සිටි බැවින් නොමැරී බේරුණේ ය.
මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.