Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 12:20 - Sinhala New Revised Version

20 ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ජෙරොබෝවම් නැවත පැමිණි බව සියලු ඉශ්රායෙල්වරු අසා, සභාවට ඔහු ගෙන්වාගෙන, සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජ කොට පත් කළෝ ය. ජුදා ගෝත්‍රය මිස දාවිත්ගේ වංශයට පක්ෂපාත වූ වෙන කිසිවෙක් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 12:20
12 හුවමාරු යොමු  

එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.


තවද, මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත්, මා තෝරාගත් ජෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි”යි වදාළ සේක.


“එප්‍රායිම් බොරුවෙන්‍ ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන්‍ ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.


“ඔව්හු මාගේ කැමැත්ත නැති ව රජවරුන් තෝරාගත්හ; මාගේ අනුමැතිය නැති ව අධිපතීන් පත් කළහ; ඔවුන්ගේ විනාශයට හේතු වන දේව පිළිම ඔවුන්ගේ රන් රිදීයෙන් තනාගත්හ.


එහෙත්, ජුදා නගරවල විසූ ඉශ්රායෙල් ජනයා කෙරෙහි රෙහොබෝවම් රජකම් කෙළේ ය.


මාගේ නාමය තබන්නට මා විසින් තෝරාගන්න ලද නගරය වන ජෙරුසලමේ මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශයෙන් පැවතෙන්නෙකු මා ඉදිරියෙහි සිටින පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.


සාමුවෙල් මුළු සෙනඟට කතා කොට, “මෙන්න, සමිඳාණන් වහන්සේ තෝරාගත් තැනැත්තා, ඔහුට සමාන අන් කිසිවෙකු සෙනඟ අතරේ නැති බව ඔබට නොපෙනේ දැ”යි කී ය. එවිට සියලු ජනයා, “මහ රජතුමා සැරදේ වා!” කියා මොරගැසූ හ.


ශෙරේදායේ එප්‍රායිම් ජාතිකයෙකු වූ නෙබාත්ගේ පුත්‍ර වූ ද සලමොන්ගේ සේවකයෙකු වූ ද ජෙරොබෝවම්, රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. වැන්දඹු ස්ත්‍රියක ව සිටි ඔහුගේ මවගේ නම ශෙරුවා ය.


එසේ වූයේ, උන් වහන්සේ ඉශ්රායෙල්වරුන් දාවිත්ගේ වංශයෙන් වෙන් කළ බැවින් ඔව්හු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් රජ කොට පත් කරගත්තෝ ය. ජෙරොබෝවම් සමිඳාණන් වහන්සේ වෙතින් ඉශ්රායෙල්වරුන් බැහැර කොට ඔවුන් බරපතල පාපයන්ට පෙළඹී ය.


එවිට සියලු ඉශ්රායෙල් ජනයා දාවිත් අත්හැර, බික්‍රිගේ පුත් ෂෙබා පසුපස ගියෝ ය. එහෙත්, ජොර්දාන් පටන් ජෙරුසලම දක්වා ම ජුදාහි සෙනඟ තමන්ගේ රජුට පක්ෂපාත ව සිටියෝ ය.


එහෙත්, ඔහුගේ පුත්‍රයා අතින් රාජ්‍යය ගෙන ගෝත්‍ර දහයක් ඔබට දෙන්නෙමි.


නුඹ කැමැති සියල්ල කෙරෙහි නුඹ රජකම් කරමින් ඉශ්රායෙල්වරුන්ගේ රජ වන පිණිස නුඹ පිළිගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්