ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:27 - Sinhala New Revised Version

ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු කෙත්වලට ගොස් තමන්ගේ මිදිවතුවලින් පල නෙළා, මැඬගෙන, මංගල්‍ය පවත්වමින්, තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වී, කා බී අබිමෙලෙක්ට දෙස් තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:27
20 හුවමාරු යොමු  

එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය; ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා! ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!


ඔහු ද මෙසේ කියමින් කඳවුරට ළඟා වූ විට වස්සා ද සෙනඟගේ නැටුම් ද දිටී ය. ඔහුගේ කෝපාග්නිය ද එවිට වේගවත් ව ඇවිළී ගියෙන් ඔහු තම අත වූ ගල් පුවරු වීසි කොට, ඒවා කන්ද පාමුල බිඳ දැමී ය.


සෙනඟ ද පසු දින අලුයම නැඟිට, දවන යාග පූජා පුදා, සහභාගිකමේ පූජා ගෙනාහ. පසුව ඔව්හු කන්න බොන්න වාඩි වී විනෝදයට ලකලෑස්ති වූ හ.


“ජෙරමියා, මා නුඹට කී සියලු දේ නුඹ ඔවුන්ට ප්‍රකාශ කළ යුතු ය. ඔවුන්ට මෙසේ දිවැස් වැකි කියන්න: ‘සමිඳාණන් වහන්සේ උසස් ස්ථානයේ සිට ගර්ජනා කොට, තමන්ගේ ශුද්ධ වාසස්ථානයේ සිට හඬ නඟන සේක. උන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව බලවත් ලෙස ගර්ජනා කරන සේක. මුද්‍රික පල මඬින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධ ව ඝෝෂාවක් කරන සේක;


තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.


ඔවුන් අවංක සිතින් මට යාච්ඤා කර නැත. ඒ වෙනුවට ඔව්හු බිය වැදී කෑමොරගසති. ධාන්‍ය ද මිදියුස ද ඉල්ලන විට, ඔව්හු ඇනකොටාගනිමින් මට විරුද්ධ ව කැරලිගසති.


ඒ තැනැත්තාගේ මවගේ නම ෂෙලොමිත් ය. ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුව වූවා ය. ඒ තැනැත්තා ද දබර කරන විට දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කොට සාප කෙළෙන්, සෙනඟ මෝසෙස් වෙත ඔහු ගෙනාවෝ ය.


පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.


ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.


තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ.


තවද, ඔව්හු බාල්-බෙරිත්ගේ දේවාලයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝ ය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තේ ය.


ෂෙකෙම්හි කොටුවේ සිටි සියලු දෙනා ඒ අසා, බෙරිත් නම් දෙවියාගේ දේවාලයේ කොතට ඇතුළු වුණෝ ය.


පිලිස්තියයා දාවිත්ට කතා කොට, “තෝ සැරයටිය රැගෙන මා ළඟට එන්නේ මා බල්ලෙකැ යි සිතා ද” කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස් කීවේ ය.