එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
විනිශ්චයකාරයෝ 8:1 - Sinhala New Revised Version එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ. Sinhala New Revised Version 2018 එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ. Sinhala Revised Old Version එප්‍රායිම් මනුෂ්‍යයෝ ඔහුට කථාකොට: නුඹ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට යන කල අපට අඬනොගසා මෙසේ කළේ මක්නිසාදැයි කියා ඔහු සමඟ තද ලෙස විවාදකළෝය. |
එවිට සියලු ඉශ්රායෙල් සෙනඟ රජු ළඟට පැමිණ රජුට කතා කොට, “අප සහෝදරයන් වන ජුදා සෙනඟ ඔබ රහසින් අඬගසාගෙන, රජු ද ඔහුගේ ගෙයි වැසියන් ද ඔහු සමඟ දාවිත්ගේ සියලු මිනිසුන් ද ජොර්දාන් ගඟෙන් මෙගොඩට ගෙනාවේ මන්දැ”යි ඇසුවෝ ය.
සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය.
තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.
එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ.
ඔහු පිළිතුරු දෙමින්, “ඔබ හැම කළ දේට සමාන කළ විට මා කළ දේ කුමක් ද? එප්‍රායිම් ගෝත්‍රයට අයත් ඔබ කළ සුළු දේ අබියෙශෙර් නම් මාගේ ගෝත්‍රය කළ සියල්ලට වඩා වටිනවා නොවේ ද?