බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
විනිශ්චයකාරයෝ 6:35 - Sinhala New Revised Version ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය. Sinhala New Revised Version 2018 ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය. Sinhala Revised Old Version ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් යැවීය; ඔව්හුද ඔහු ළඟට රැස්වූහ. ඔහු ආෂෙර්වරුන්ද සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද වෙතටත් පණිවිඩකාරයන් ඇරියේය; ඔව්හු ඔවුන් සම්මුඛවන පිණිස ආවෝය. |
බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;
නප්තලී ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද මුළු මනස්සේ ගෝත්‍රයෙන් ද ඉශ්රායෙල් සෙනඟ රැස් ව මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය.
එබැවින්, ‘භය ද තැතිගැනීම ද ඇති අය ගිලියද් කන්දේ සිට හැරී යත් වා’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. එවිට සෙනඟගෙන් විසිදෙදහසක් හැරී ගියෝ ය. දසදහසක් ඉතිරි ව සිටියෝ ය.