Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:6 - Sinhala New Revised Version

6 ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:6
21 හුවමාරු යොමු  

තවදුරටත් කීම අවශ්‍ය ද? ගිඩියොන් ද බාරක් ද සම්සොන් ද ජෙප්තා ද දාවිත් ද සාමුවෙල් ද දිවැසිවරයන් ද ගැන කීමට කල් වේලා නැත.


මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ “


එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.


කෙදෙෂ් ද එද්‍රෙයි ද ඒන්-හාශොර් ද


“පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;


සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ: ජීවමාන දෙවිඳා මම වෙමි; නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.


උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.


සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.


එවිට ඔබ එතැනින් තව දුර ගොස් තාබොර්හි ආලෝන ගස ළඟට පැමිණෙන්නෙහි ය. එතැන දී දෙවියන් වහන්සේට පූජා කරන පිණිස බෙතෙල්ට යන මිනිසුන් තිදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන්ගෙන් එක් කෙනෙක් එළුපැටියන් තුන් දෙනෙකු ද එක් කෙනෙක් රොටි තුනක් ද එක් කෙනෙක් මුද්‍රිකපාන භාජනයක් ද රැගෙන යන්නෝ ය.


ඒ දවසේ දී දෙබොරා ද අබිනොවම්ගේ පුත් බාරාක් ද මෙසේ ගී ගැයූ හ:


බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.


නප්තලීගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නුවරක් වූ ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ ඒ අවට තණ බිම් ද හම්මොත්-දෝර් සහ ඒ අවට තණ බිම් ද කර්තාන් සහ ඒ අවට තණ බිම් ද යන නගර තුනත් දුන්නෝ ය.


සය වන කොටස නප්තලී පරපුරට එසේ ය, නප්තලීගේ පරපුරට, ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”


සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.


ඔහු මනස්සේ ගෝත්‍රය මුළුල්ලෙහි පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු ද ඔහු ළඟට රැස් වූ හ. ඔහු ආෂෙර්වරුන් ද සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද වෙතටත් පණිවුඩකාරයන් යැවී ය. ඔව්හු ද ඔහු හමු වන පිණිස පැමිණියෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ ජෙරුබ්බාල් ද බාරාක් ද ජෙප්තා ද සාමුවෙල් ද එවා වටකර සිටි ඔබේ සතුරන්ගේ අතින් ඔබ ගැළෙවු සේක. එවිට ඔබ සුරක්ෂිත ව වාසය කළහු ය.


පවුරු සහිත නගර නම්: ශිද්දීම් ද ශේර් ද හම්මත් ද රක්කත් ද කින්නෙරොත් ද


ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්