ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.
විනිශ්චයකාරයෝ 5:6 - Sinhala New Revised Version අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. Sinhala New Revised Version 2018 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ. Sinhala Revised Old Version අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ගේ දවස්වලද යායෙල්ගේ දවස්වලද මාවත් හිස්ව තිබුණේය, මගීහුද අතුරු පාරවලින් ගියෝය. |
ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.
එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!
මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.
එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”
මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.
අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ. අපේ අන්තිමය ආසන්න ය; අපේ ඉරණම තීන්දු ය; මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.
මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.
“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”
ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.
දෙබොරා නම් මා නැඟී එන තෙක්, ඉශ්රායෙල්ට මා මවක වන තෙක් ඉශ්රායෙල්හි ප්‍රධානීහු කොහෙත් ම නොසිටියෝ ය.