ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 5:28 - Sinhala New Revised Version

සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනංගුවන්නේදැයි කීවාය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 5:28
8 හුවමාරු යොමු  

තවද, අහසියා සමාරියෙහි තමාගේ උඩු මහලේ සඳලුතලයෙන් වැටී රෝගාතුර විය. “ඔබ ගොස් මම මේ රෝගයෙන් සුව වන්නෙම් දැ යි එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නැ”යි ඔහු පණිවුඩකාරයන් යැවී ය.


එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.


මා පෙම්වතා මුවෙකු වැනි ය. ඔහු මුව පැටවෙකු වැනි ය; බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;


මා පෙම්වත, ඉක්මන් කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත් මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් යුහුසුලු ව එන්න.


එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.


එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.


ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය, දිගා වුණේ ය. ඇගේ පාමුල ඔහු කිඳා වැටුණේ ය, ඇද වැටුණේ ය. කිඳා වැටුණු තැන ම ඔහු නැසුණේ ය.


ඇගේ නැණවත් කුලඟනෝ ඈට පිළිතුරු දුන්නෝ ය. එය ඈ තමා හට ම මෙසේ කියාගත්තා ය: