Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 5:28 - Sinhala Revised Old Version

28 සිසෙරාගේ මවු කවුළු තුළින් බලා, ගරාදි අතරෙන් මොරගසා: ඔහුගේ රථය මෙතෙක් කල් පමාවන්නේ මක්නිසාද? ඔහුගේ රථරෝද මක්නිසා සුනංගුවන්නේදැයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුsනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 සිසෙරාගේ මවු කවුළුව තුළින්, ගරාදි අතරෙන් එබී බැලුවා ය. ‘රථය මෙතෙක් කල් පමා වන්නේත්, රථයේ අශ්වයන් සුනංගු වන්නේත් මන්දැ’යි සිතුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 5:28
8 හුවමාරු යොමු  

එබැවින්, සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ ඊම දක්වා ඉවසන්න. බලව, ප්‍රථම සහ අන්තිම වර්ෂාව පැමිණෙන තුරු ඉවසමින් ගොවියා පොළොවේ අනර්ඝ ඵල ගැන බලාසිටී.


මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.


මාගේ ප්‍රේමවන්තයා මුවෙකු නොහොත් මුවපැටවෙකු මෙන්ය. අන්න, ඔහු අපේ තාප්පයට පිටතින් සිට, කවුළුවලින් බලයි, ගරාදි අතුරෙන් එබීබලයි.


මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,


තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. නුඹලා ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය.


එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.


ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය, ඔහු දිගාවුණේය. ඈ පාමුල ඔහු නැමුණේය, ඔහු වැටුණේය. නැමුණු තැනම ඔහු වැටී නැසුණේය.


ඇගේ නැණවත් කුලඟනෝ ඈට උත්තර දුන්නුය. එසේය, ඕ තමාටම ප්‍රතිඋත්තර කීවාය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්