ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 4:19 - Sinhala New Revised Version

ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 4:19
8 හුවමාරු යොමු  

මෙන්න, මම ළිඳ ළඟ සිටිමි. දැන් කන්‍යාවක වතුර ඇදීමට පැමිණි විට මම ඈ අමතා, ‘කරුණාකර, මට වතුර ටිකක් බීමට ඔබේ කළය ඇල කරන්නැ’යි කියන්නෙමි.


එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.


අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.


එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.


ජායෙල්, සිසෙරාගේ පෙරමඟට ගොස්, “මාගේ ස්වාමීනි, ඇතුළට අව මැනව; බිය නොවී මා ළඟට ඇතුළට අව මැනවැ”යි කීවා ය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේ ය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවා ය.


ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.


කේනීය හෙබෙර්ගේ බිරිඳ වන ජායෙල් අන් කතුන්ට වඩා ආසිරි ලද්දියක් වන්නී ය.