Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 17:10 - Sinhala New Revised Version

10 එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එහෙයින් ඔහු පිටත් ව ශාරෙපත් නගරයට ගොස් වාසල් දොරටුවට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියක එහි දර අහුලනු දැක, ඈට අඬගසා, “කරුණාකර, මට බොන්න භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 17:10
6 හුවමාරු යොමු  

එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.


ආබ්‍රහම්ගේ මෙහෙකරුවා ද ඈ වෙත දිව ගොස්, “කරුණාකර, ඔබේ කළයෙන් වතුර ටිකක් බොන්න මට ඉඩ හරින්නැ”යි කීවේ ය.


ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.


මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.


බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා


ඇය එය ගෙනෙන්නට යන අතර ඔහු ඈට අඬගසා, “කරුණාකර, ඔබේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනන්නැ”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්