විනිශ්චයකාරයෝ 20:12 - Sinhala New Revised Version ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද? Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද? Sinhala Revised Old Version ඉශ්රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද? |
ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,
ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ.
ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. “මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය.