Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 13:14 - Sinhala New Revised Version

14 ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුඹ හොඳාකාර සොයා විභාගකර අසන්න; එවිට එබඳු පිළිකුල් දෙයක් නුඹලා අතරෙහි කරනලද බව සැබෑවක්නම්, කාරණය සත්තකනම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 13:14
10 හුවමාරු යොමු  

එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත්


දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න.


බැලූ බැල්මට විනිශ්චය නොකරන්න; සාධාරණ විනිශ්චයක් ම කරන්නැ”යි වදාළ සේක.


උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක.


‘යමෙකු අනෙකකු මැරුවහොත්, මිනීමරුවා සාක්ෂිකරුවන් කීප දෙනෙකුගේ සාක්ෂි පිට මරණයට පත් කරනු ලැබේ. එහෙත්, එලෙස මරණයට පත් කිරීමට පෙර එක සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි පමණක් නොසෑහේ.


ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, ‘ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්,


ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය.


ඔබේ මෙහෙකාරී කමකට නැති ස්ත්‍රියකැ යි නොසිතන්න. මා මේ ආකාරයෙන් යාච්ඤා කරමින් සිටියේ මාගේ දුකේ හා සිත් වේදනාවේ වැඩිකම නිසා ය”යි කීවා ය.


ඒලීගේ පුත්‍රයෝ දුර්ජනයෝ වූ හ. ඔවුන් සමිඳාණන් වහන්සේ ගැන කිසිත් සැලකුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්