ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 19:15 - Sinhala New Revised Version

ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ගිබියාවෙහි නවාතැන් ගන්න පිණිස ඒ දෙසට හැරී ගියෝ ය. ලෙවීවරයා ඇතුළු වී නුවර වීදියේ හිඳගත්තේ ය. මන්ද, කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ගිබියාහි නවාතැන් ගන්න පිණිස ඇතුල්වෙන්ට එහි හැරී ගියෝය. ඔහු ඇතුල්වී නුවර වීථියේ හිඳගත්තේය. මක්නිසාද කිසිවෙක් නවාතැන් දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්තේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 19:15
9 හුවමාරු යොමු  

මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය.


ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ’යි වදාරන සේක.


ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.


මෙසේ ඔව්හු තවදුරටත් ගමන් කොට, බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟා වන විට ඉර බැස ගියේ ය.


ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩ කර සවස් වූයෙන් ආවේ ය. ඒ මිනිසා කඳු රටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කෙළේ ය. එහෙත්, එහි වැසියෝ බෙන්ජමින්වරු ය.


ඔහු පිළිතුරු දෙමින්, “අපි ජුදයේ බෙත්ලෙහෙමේ සිට එප්‍රායිම්හි කඳු රටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියෙමි. මම දැන් ගෙදර යමි. කිසිවෙකු මට මෙහි දී නවාතැන් දෙන්නේ නැත.


එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින්, “මාගේ උපභාර්යාවත්, මමත් නවාතැන් ගන්නට බෙන්ජමින්වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු.