මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
විනිශ්චයකාරයෝ 18:18 - Sinhala New Revised Version ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. Sinhala New Revised Version 2018 ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. Sinhala Revised Old Version මොවුන් මීකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරව්ම් රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: නුඹලා මක්කරනවාදැයි ඔවුන්ට කීය. |
මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය.
“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
රටේ ඔත්තු බලන පිණිස ගිය පස්දෙනා නැඟී ගොස් නිවෙසට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද ගත්තෝ ය. පූජකයා සහ සන්නාහ සන්නද්ධ හයසියදෙනා දොරකඩ ළඟ සිටියෝ ය.
ඔව්හු පිළිතුරු දෙමින්, “නිශ්ශබ්ද ව අතින් කට වසාගෙන අප සමඟ ගොස්, අපට පියෙකු ද පූජකයෙකු ද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඉශ්රායෙල් ගෝත්‍රයකටත්, පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේ දැ”යි ඇසූ හ.