Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 18:18 - Sinhala Revised Old Version

18 මොවුන් මීකාගේ ගෙට ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරව්ම් රූපද වාත්තු පිළිමයද පිටත ගෙනා විට පූජකයා: නුඹලා මක්කරනවාදැයි ඔවුන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔවුන් මීකාගේ ගෙට ඇතුළු ව කැපූ රූපය ද ඒපොද් සැට්ටය ද තෙරපීම් රූපය ද වාත්තු පිළිමය ද පිටතට ගෙනා විට, පූජකයා, “ඔබ කුමක් කරන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 18:18
5 හුවමාරු යොමු  

ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.


බබිලෝනියේ රජ පේන අහන්ට මාර්ගය බෙදෙන තැන දෙමංසන්ධියේ සිට, ඊගස් සොලවා, තෙරාඵීම් රූප කරණකොටගෙන විභාගකර, අක්මාව බැලුවේය.


රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


රට සෝදිසිකරන්ට ගිය පස්දෙන නැගී ගොස් එහි ඇතුල්ව කැපූ රූපයද ඒඵොද් සැට්ටයද තෙරඵීම් රූපද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ යුද්ධායුධ පැළඳගත් මනුෂ්‍යයන් හසියය දොරකඩ ළඟ සිටියෝය.


ඔව්හුද: නිශ්ශබ්දව අතින් කට වසාගන අප සමඟ ගොස් අපට පියෙක්ද පූජකයෙක්ද වෙන්න. නුඹට වඩා හොඳ කෝකද–එක මනුෂ්‍යයෙකුගේ පවුලට පූජකයෙක් වීමද නොහොත් ඉශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකව සිටීමදැයි ඔහුට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්