ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 16:3 - Sinhala New Revised Version

සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 16:3
6 හුවමාරු යොමු  

මන්ද, එතුමාණෝ ලෝකඩ දොරටු බිඳදැමූ සේක; යකඩ පොලු කපාදැමූ සේක.


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.


“සම්සොන් මෙහි අවුත් සිටී ය”යි ගාසා වැසියන්ට දන්වන ලද්දේ ය. එවිට ඔව්හු සම්සොන් වට කොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝ ය. “පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමු”යි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චල ව සිටියෝ ය.


ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කෙළේ ය.