Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:3 - Sinhala Revised Old Version

3 සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ, මධ්‍යම රාත්‍රියේ නැගිට, නුවර දොරටුවේ දොරවලුත් උළුවහු කණු දෙකත් අගුල් ආදියත් සමඟ උගුලා කරපිට තබාගෙන, හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදා හිඳ, රෑ මැදියම් වේලේ නැඟිට, නුවර දොරටුවේ දොරවල් ද උළුවහු කණු දෙක ද අගුල් ආදිය ද සමඟ උගුලා කර පිට තබාගෙන හෙබ්‍රොන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:3
6 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.


කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.


මක්නිසාද උන්වහන්සේ පිත්තල දොරවල් බිඳ, යකඩ පොලු කපාදැමූසේක.


සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය.


ඉන්පසු ඔහු සොරෙක් මිටියාවතෙහි සිටියාවූ දෙලීලා නම් ස්ත්‍රියෙකුට ආදරේවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්