ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 15:2 - Sinhala New Revised Version

“සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සැබවින් නුඹ ඈට මුළුමනින්ම වෛරවුණායයි සිතා මම ඈ නුඹේ යහළුවාට දුනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා ලක්ෂණ නොවේද? ඈ වෙනුවට මෑ පාවාගන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 15:2
5 හුවමාරු යොමු  

ඈ තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් තම මුහුණ වසා, පොරවාගෙන තිම්නාවට යන මඟ, ඒනයිම් නම් නුවරට ඇතුළු වන ස්ථානයෙහි වාඩි වූවා ය. මන්ද, ෂේලා වැඩිවියට පැමිණි නමුත්, ඔහුට ඈ භාර්යාව කොට නුදුන් බව ඈ දුටු හෙයිනි.


“නාසරෙත්හි ජේසුස් වහන්සේගේ නාමයට විරුද්ධ ව බොහෝ දේ මා විසින් කළ යුතු යයි වරක් මමත් සිතුවෙමි.


සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය.


සම්සොන්ගේ බිරිඳ, ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දී ය.


සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.