Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 15:3 - Sinhala New Revised Version

3 සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සම්සොන් පිළිතුරු දෙමින්, “මේ වතාවේ දී මා පිලිස්තිවරුන්ට කරන දේ සම්බන්ධයෙන් මම වගකීම භාර නොගනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 සම්සොන්ද: මා පිලිස්තිවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්යයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 15:3
5 හුවමාරු යොමු  

සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.


“සැබැවින් ම ඔබ ඈට මුළුමනින් ම වෛර වුණෙහි යැ යි මා සිතා, මම ඈ ඔබේ මිතුරාට දිනිමි. ඇගේ බාල සහෝදරී ඈට වඩා සුරූපී ය. ඈ වෙනුවට මෑ පාවාගන්නැ”යි සම්සොන්ට කීවේ ය.


එසේ කියා සම්සොන් ගොස්, හිවලුන් තුන්සියයක් අල්ලාගෙන, හුළු අතු ද ගෙන, උන්ගේ වල්ගා දෙකක් එකට බැඳ, ඒ දෙක මැද හුළු අත්තක් බැගින් තැබුවේ ය.


එබැවින් තමාගේ වැඩකාරයන්ට කතා කොට, “බලන්න, ජෝවාබ්ගේ කෙත මාගේ කෙතට යාබද ව තිබේ. එහි ඔහුට යව ගොයම් තිබේ. ඔබ ගොස් ඒවාට ගිනි තියන්නැ”යි කී ය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තැබූහ.


මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්