එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, “අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.
විනිශ්චයකාරයෝ 12:7 - Sinhala New Revised Version ජෙප්තා සය අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. ඉන්පසු ගිලියද් වැසියෙකු වූ ජෙප්තා මියගියේ ය. ගිලියද්හි ඔහුගේ ම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේ ය. Sinhala New Revised Version 2018 ජෙප්තා සය අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. ඉන්පසු ගිලියද් වැසියෙකු වූ ජෙප්තා මියගියේ ය. ගිලියද්හි ඔහුගේ ම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේ ය. Sinhala Revised Old Version යෙප්තා සාවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චය කෙළේය. ගිලියදීය යෙප්තා නැසී ගිලියද්හි නුවරක තැන්පත්කරන ලද්දේය. |
එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, “අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.
“ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.